Monday, May 6, 2024

General line - 0115112241

IPL තරගාවලිය අත්හිටුවයි : ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වෙයි 




ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 ඉන්දියානුප්‍රිමියර් ලීග් තරඟාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අද පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ලැබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වන්නේ.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු ලක්ෂමිපති බාලාජී ඇතුළු සහයක කණ්ඩායමේ නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී ඇත. මේ හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද පැවති විශේෂ රැස්වීමකින් ඒකමතිකව IPL තරගාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහයක නිලධාරීන් වෛරසයට නිරාවරණය වීම හෝ ඉන් අයහපත් ප්‍රථිපලයක් අත්කර දීමට අවශ්‍ය නොවන බව පවසමින්.