Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රමාණවත් ඔක්සිජන් නැහැ : බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා මිනිසුන් මියැදෙනවා - ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් චෝදනා




ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රෝහල් ඇතුළු තවත් රෝහල් රැසක නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් හට මෙතෙක් ප්‍රමාණවත් ඔක්සිජන් ලැබී නොමැති බවට එම රෝහල්වල වෛද්‍යවරුන් චෝදනා කරනවා. රෝහල්වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොතෙකුත් අනාවරණයන් සිදුකළත් තවමත් එම ගැටළු විසඳී නොමැති බවයි ඔවුන් පැවසුවේ.

කෙසේවෙතත් රට තුළ මේවනවිට ඔක්සිජන් හිගයක් නොමැති බව ඇතැම් ප්‍රාන්ත රජයන්වල බලධාරීන් පවසනවා. ඉල්ලුමට සරිලන පරිදි ඔක්සිජන් සැපයුම ඇති බවත්, පවතින්නේ එම ඔක්සිජන් බෙදා හැරීමේ ගැටළුවක් බවත් බලධාරීන් ප්‍රකාහ කළා.

කෙසේවෙතත්, ඉන්දීය වෛද්‍යවරුන් තවදුරටත් චෝදනා කරන්නේ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් ඉන්දීය වැසියන් කොරෝනා වෛරසයට බිලිවෙමින් සිටින බවයි. නිසි වේලාවට නිසි තින්දු තීරණ ගැනීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් ඉන්දියාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට බිලිවූ බවට ද වෛද්‍ය විශේෂඥයින් චෝදනා නැගුවා. ඔක්සිජන් හිගය යනු එලෙස ප්‍රමාදවී තීරණ ගැනීමේ එන් ප්‍රතිපලයක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 82,000 ක් වාර්තා වුණා. ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,786 ක්.