Monday, May 6, 2024

General line - 0115112241

කුමන අභියෝග ආවත් සංවර්ධන වැඩසටහන් අඩපන නොකරන බව අගමැති කියයි




රටක් ලෙස එකට අත්වැල් බැද ගනිමින් මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. කුමන දුෂ්කරතා හමුවේ වුවද රටේ සංවර්ධන ක්‍රියාවලිය නතර නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ. රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එහිදී අදහස් පළ කළා.