කොවිඩ් වසංගත තත්ත්වය අනුව නව ඡන්ම ළදරුවන් සදහා කොරෝනා වෛරසය බෝවීම ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාසල් වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් පැවසුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත ගර්භණී කාන්තාවන් දහසක් පමණ මෙරටින් වාර්තා වී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල්.
නව ඡන්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
පවතින සම්පත් කළමණාකරණය කර ගනිමින් මෙම තත්ත්වයට මුහුණදීම සිදුවන බවද විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් වැඩිදුරටත් සදහන් කළා.