Monday, May 6, 2024

General line - 0115112241

යුද හමුදාව සහ පොලිසිය එක්වී කලවංචිකුඩි නගරයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් : නිරෝධායන රීති කැඩූ 16ක් අත්අඩංගුවට  (PHOTOS)




රටපුරා පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් අද දින කලවංචිකුඩි ප්‍රදේශයේ දී සිදුකෙරුණා.

ඒ යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධවයි.  මෙහිදී නගරයේ පිහිටි වෙළෙඳසැල් තුළ හා ඉන් පිටත සිටි ජනතාවට පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සිටිය යුතු ආකාරය සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සිදුකිරීමට පියවර ගැනුණා.

මේ අතර පවතින කොරෝනා අවදානම නොතකා නිරෝධායන රීති උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුද හමුදාව එක්ව කටයුතු කෙරුණා.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.