Monday, May 6, 2024

General line - 0115112241

ජූලි මාසය වනවිට ලක්‍ෂ 30කට එන්නත් දිය හැකි බවට අනාවරණයක්




ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමට දැන් හැකියාව පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියාටියේ එළඹෙන ජුලි මාසය වනවිට එන්නත් මාත්‍රා ලක්‍ෂ 9 ක් ලබාදීමට හැකි බව ෆයිසර් ආයතනය ඊයේ තහවුරු කළ බවයි.

ඉදිරි සති කිහිපය සෞඛ්‍ය ආරක්‍ෂිතව ගත කිරීමට ජනතාව ක්‍රියාකළහොත් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.