Sunday, May 5, 2024

General line - 0115112241

විවිධ අවශ්‍යතා මත ඉන්දියාවට ගිය ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් - අමාත්‍ය ප්‍රසන්න රණතුංග




සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව ලබන සතියෙන් පසු එම කටයුතු සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන කොවිඩ් ප්‍රතිකාර  අතරමැද මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියාසිටියා. ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ජාතිකයන් මෙරටට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙරට මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කර ඇති බව නාවික හමුදාව පවසනවා.