Sunday, May 5, 2024

General line - 0115112241

පාසල් විවෘත කරන්න විශේෂඥයින් සමග සාකච්ඡා කිරීමට අධ්‍යාපන ඇමති සැරසෙයි




පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන බදාදා සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

එම සාකච්ඡාවට ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයින් ඇතුළු පිරිසක් පැමිණෙන බවත් පාසල් ආරම්භ කිරීමට අදාළ උපදෙස් ඔවුන්ගෙන් එහිදී ලබා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා. අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.