Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා අවදානම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යළි අනතුරු ඇඟවීම්




පවතින තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපයේදී කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ පවතින තත්ත්වයට ශ්‍රී ලංකාවද ගමන් කරමින් ඇති බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ.

මේ අතර කොළඹ ප්‍රදේශයේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි අද පස්වරුවේ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර චීනය ලබාදුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා කල් ඉකුත්වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම  හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද ප්‍රතිචාර දැක්වූවා.