Sunday, May 5, 2024

General line - 0115112241

එන්නත නොදුන්නොත් බස් ධාවනය ගැන තීරණයක්




බස් රථ හිමිකරුවන්ට හා සේවකයින්ට මෙම සතිය තුළ කොරෝනා එන්නත ලබානොදුනහොත් ලබන සතියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් රථ හිමියන්ට සහ සේවකයන්ට එම එන්නත ලබාදෙන ලෙසට බලධාරීන් මීට පෙර ලිඛිතව ඉල්ලීම් කළද ඊට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.