Sunday, May 5, 2024

General line - 0115112241

පිළියන්දල පොදු වෙළෙද සංකීර්ණය වසා දැමේ : කොවිඩ් ආසාදිතයින් 100ක් හඳුනා ගැනේ




කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයින් 101 දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන් පිළියන්දල වෙළද සංකීර්ණය වසා දමා තිබෙනවා. එම වෙළද සංකීර්ණයේ සිදුකළ පී සී ආර් පරීක්‍ෂාවකදී මෙම කොරෝනා ආසාදිතයින් හදුනා ගත් බවයි පිළියන්දල සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලය සදහන් කළේ. ඉකුත් 7 වනදා පුද්ගලයින් 269 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමුකර තිබුණා. ඉන් පුද්ගලයන් 101 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇති බවට තහවුරුවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පිළියන්දල වෙළද සංකීර්ණය වසා දැමුණු බවද එම කාර්යාලය පැවසුවා.

මේ අතර කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගියදා නගර සභාවේ රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් එම රැස්වීම සඳහා සහභාගී වූ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ.