Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන ජනපතිගෙන් පකිස්තානයට අනතුරැ ඇගවීමක්




ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෝෆ් ගානි තලේබාන් සංවිධානයට විවිධ අනුග්‍රහයන් දැක්වීම ගැන පකිස්තානයට අනතුරැ අගවා තිබේ.විශේෂ ලිපියක් ලියමින් ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඉදිරියේදී එළඹෙන ඕනෑම තත්වයකට මුහුණදීමට තම රට සූදානම් බවයි.

සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමත් සමග තලේබාන් සංවිධානය යළි දරැණු ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇති බවට අනාවැකි පළවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ගානි සදහන් කර ඇත්තේ තලේබාන් සංවිධානයට සාමය සදහා සාකච්ඡා කිරීමට උපරිම අවස්ථාව ඇති බවයි.

එහෙත් ඔවුන් ප්‍රචණ්ඩත්වයට යොමුවේ නම් ඇෆ්ගනිස්තාන හමුදා ඊට මුහුණදීමට ⁣සූදානම් බවටද ඔහු අවධාරණය කොට තිබේ.

මෙහිදී පකිස්තානය තලේබාන් සංවිධානයට රැකවරණය සහ පහසුකම් සපයා ගැනීමට ඉඩ සළසා ඇති බවට ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා චෝදනා කර ඇත.

තම රට අනතුරැට හෙළන එවැනි පියවර නවත්වන ලෙස අවධාරණය කර ඇති ඔහු තමන් ඊට මුහුණදීමට සූදානම් බවටද අනතුරැ අගවා තිබේ.