Thursday, May 16, 2024

General line - 0115112241

රජය ගත් පියවරක් ගැන පැෆරල් සංවිධානයේ ප්‍රසාදය




මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබද සොයා බැලීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පල කරන බව පැෆරල් සංවිධානය පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වයට අනුරූපී වන පරිදි මැතිවරණ ක්‍රමයේද බොහෝ වෙනස්කම් සිදු විය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ සඳහා උපරිම සහයෝගය ලබා දීමටත් අදහස් හා යෝජනා ලබා දෙමින් තේරීම් කාරක සභාව සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පාෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.