Monday, May 6, 2024

General line - 0115112241

දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි




අද පස්වරුවේ ධාවනය කිරීමට නියමිත සියලු දුම්රියන් මේ වනවිට ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ගමනාගමන, ගාමිණී සෙනෙවිරත්න.

දුම්රිය සේවකයින් කොරෝනා මර්දන එන්නත් අද දිනයේ ලබාගැනීම හේතුවෙන් පෙරවරුවේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවුණා. කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ පස්වරුවේ සිට සැලසුම් කළ පරිදි සියලු දුම්රියන් ධාවනය වන බවයි. මේ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ.