Monday, May 6, 2024

General line - 0115112241

ලක්ෂ 95ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට




රුපියල් ලක්‍ෂ 95 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෝදර පොලිස් වසමේ බෝධිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි කාන්තාවක් සහ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.