Friday, April 19, 2024

General line - 0115112241

සුදේශ්ගේ සහ කිමිකෝගේ පරාජයට හේතු කියයි




රියෝ ඔලිම්පික් තරගාවලියේ ඊයේ (08) පැවති බර ඉසිලීමේ තරගයට තමන් සහභාගි වූයේ අවිනිශ්චිත තත්ත්වයකින් බව සුදේශ් පීරිස් පවසනවා.

තරගයට පැය 4කට පෙර ද ඔහුගේ සිරුරේ බර නියමිත ප‍්‍රමාණයට වඩා ග‍්‍රෑම් 400ක් වැඩි වී තිබුණු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව පැය 4ක් ඇතුළත සිරුරේ බර ග‍්‍රෑම් 400කින් අඩුකර ගැනීමට ද ඔහුට සිදුවුණා.

සුදේශ් පීරිස් බර ඉසිලීමේ තරගයට සහභාගි වූයේ කිලෝග‍්‍රෑම් 62 බර පංතිය යටතේයි. කිලෝග‍්‍රෑම් 120ක බරක් ස්නැච් ක‍්‍රමයට එසවීමට ඔහු මුලින්ම තෝරා ගත්තා.

එහෙත් එය සාර්ථක කරගැනීමට ඔහුට හැකිවූයේ නැහැ. මෙම පරාජයෙන් පසු බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර සිට සුදේශ් පීරිස් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

රියෝ ඔලිම්පික් තරගාවලියේ ශ‍්‍රී ලංකාවේ පිහිනුම් බලාපොරොත්තුවක් මීට පෙර බිඳවැටුණා. ඒ, මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වට තරග වැදුණු කිමිකෝ රහීම් මූලික වටයේ තරගයකින් පරාජය වීම හේතුවෙන්.

මෙම තරගයට කිමිකෝ රහීම් සහභාගි වූයේ තරමක අසනීප තත්ත්වයකින් බව බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර සිටින පුහුණුකරු මනෝජ් අබේසිංහ කියා සිටියා.

අපේක්ෂිත දක්ෂතා දැක්වීමට නොහැකි වීමට එය ද හේතුවක් වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.