Thursday, May 16, 2024

General line - 0115112241

මුදලට විකිණෙන කොවිඩ් එන්නත ගැන නෙත් හෙළිදරව්වෙන් පසු රජය කියූ දේ (EXCLUSIVE AUDIO)




කිසිඳු කොරෝනා මර්දන එන්නතක් මුදලට විකිණීමට නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ, කොරෝනා මර්දන එන්නත් මුදලට විකිණීමේ සුලමුල නෙත් නිවුස් මගින් ද රට හමුවේ අනාවරණ කිරීමත් සමගයි. ඔහු කියා සිටියේ සියලු එන්නත් ජනතාවට නොමිලේ ලබාදෙන බවයි. 

කොරෝනා මර්දන එන්නත් මුදලට විකිණීමේ උත්සහයන් පිළිබඳ නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් රට හමුවේ කරුණු අනාවරණ කළේ හඬපට ද ගෙනහැර දක්වමින්. මෙම සිද්ධියට අදාළ විශේෂ වීඩියෝව පහතින් දැක්වේ.