Thursday, May 16, 2024

General line - 0115112241

ආසියානු කුසලානය යළි කල් යයි




මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවාග ඒල මෙම වසරේදී එම තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් යොදා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

පවතින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට පොදු කාලපරාසයක් මෙම වසරේ නොමැති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව සදහන් කළේ. 

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර සදහා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ තීරණය කළාග 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුවයි එම තරගාවලිය මෙම වසර දක්වා කල් දමා තිබුණේ.