ඊයේ රාත්‍රීයේ ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් කළු, කැළණි සහ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණි කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ, එහි ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීශ්වර.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීශ්වර.
මේ අතර මහ ඔය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන හා දංකොටුව ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගිරිඋල්ල පොලිසිය අසලින් යටවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර පවතින අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්ද ඊයේ රාත්‍රීයේ සිට විවෘත කර තිබෙනවා.
කාසල්රි සහ මාවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
ලක්ෂපාන ජලාශයේ එක් දොරටුවක් ද විවෘත කර ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. එම ජලපෝෂක ප්‍රදේශවල අධික වැසි පතිත වීම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසුවේ.