Friday, November 1, 2024

General line - 0115112241

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමට ජනපති ගත් තීරණයට  ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය




රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ, ලෝක ආහාර සුරක්‍ෂිතතාව පිළිබද එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබද සැසියේදීයි.

ඉතාලියේ රෝම නගරයේ පැවති එම සැසිය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වුණා. දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමුහිකව ක්‍රියාකළයුතු බව අවධාරණය කළා. කෘතීම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සදහා සංක්‍රමණයවීමට තිබූ දිගුකාලින අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනු ඇතැයිද එහිදී අවධාරණය කෙරුණා.

කෙසේවෙතත් පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව රජයට චෝදනා එල්ල කරනු ලබනවා. ඊට ප්‍රතිචාර දක්වමින් මෙම සැසියේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නායකයන් ලෙස අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතු බවයි.  මානව සෞඛ්‍ය සුරැකීම සදහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබවට නොවිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළා.