Saturday, May 4, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්‍රභේදය මෙරට තවදුරටත් ව්‍යාප්තව ඇත්දැයි නව ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ




ශ්‍රී ලංකාවේ සමාජයෙන් හඳුනාගෙන ඇති ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලබාගත් සාම්පල ආශ්‍රිතව දෙවන වටයේ පරීක්ෂණ සිදුකරන බවයි. එමෙන්ම මෙතෙක් සිදුකළ ජාන තාක්ෂණික පර්යේෂණ ක්‍රමවේදයන්වලට අමතරව මෙරට ප්‍රථම වතාවට නව ක්‍රමවේදයක් ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු කියා සිටියා. එහි විශේෂත්වය වන්නේ කඩිනමින් ප්‍රතිපල නිකුත් කිරීමේ හැකියාවයි. 

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු මෙරට සමාජයෙන් පළමුවරට පෙරේදා හඳුනා ගැනුණේ කොළඹ, දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන්. ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සාම්පල පරීක්ෂාව ද මේවනවිට ක්‍රියාත්මකයි. 

මේ අතර ඉන්දියාවෙන් පළමුවරට හදුනා ගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ගෝලිීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.