Saturday, May 4, 2024

General line - 0115112241

නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ




නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්  නිර්මාණය කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගොවිජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇති බැවින් ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා.