Sunday, May 5, 2024

General line - 0115112241

මත්කුඩු සමග ඇල්ලූ SI ඇතුලු තිදෙනාගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂාවට




රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනුනු කලුතර දකුණ පොලීසියේ උප පොලෙිස් පරීක්ෂකවරයා සහ සෙසු පුද්ගලයන් දෙදෙනාගේ දුරකතන සංවාද පරීක්ෂා කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අදාල දත්ත දුරකතන සමාගම්වලින් ලබා ගැනීමටයි අධිකරණය පොලීසියට අවසර ලබා දී ඇත්තේ.

සැකකරුවන් තිදෙනා ලබන 24 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය මෙහිදී පොලීසියට අවසර ලබා දී තිබෙනවා. සැකකරුවන් ළග තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක්.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදෙස් රටකට පළාගොස් සිටින පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සලිදු මල්ෂිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් විදෙස් රටකට පළාගොස් සිටින මෙම පුද්ගලයාට ඇමතුම් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා. ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.