Sunday, April 28, 2024

General line - 0115112241

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කථානායකවරයා වෙත




බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින්. මේ අතර ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද විරෝධතා රථ පෙළපාලිය නිරත වුණා.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානය අසලින් ආරම්භ වූ එම විරෝධතා රථ පෙලපාලිය ජයන්තිපුර පාර්ලිමේන්තු ප්‍රධාන ප්‍රවේශය ආසන්නය දක්වා පැමිණියා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටියේ විරෝධතා පුවරුද රැගෙනයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම විරෝධතාවයට එක්ව සිටි අතර එහිදී ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.  

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතා රථ පෙලපාලියට එක්ව සිටියේ අක්ට්‍රැක්ටර්, ලොරි, බැකෝ, පැරණි මෝටර් රථ සහ යතුරු පැදිවලින්. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මාධ්‍ය වේදින් මෙහිදී විපක්ෂ නායකවරයාගෙන් විමසීමක් කළා.