Sunday, April 28, 2024

General line - 0115112241

සහල් පිටරටින් ගෙන්වන හේතුව මහින්දානන්ද හෙලි කරයි




සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ වෙළදපොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අද පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් රජය විසින් ආනයනය කරන්නේ කාබනික ගොවිතැන මගින් නිපදවූ සහල් දැයි මෙහිදී ප්‍රශ්ණ කෙරුණා. ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදිද මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.