Saturday, September 21, 2024

General line - 0115112241

මේක රටේ නීතිය නොදන්නා ආණ්ඩුවක් – ඒකාබද්ධ විපක්ෂය




වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පැවසුවේ රටේ නීතිය නොදන්නා ආණ්ඩුවක් තවත් කොතෙක් කල් තිබිය යුතුද යන්නයි. මේ අනුව ආණ්ඩුව දවසින් දවස එදිනෙදා වියදම් සොයාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසුවා. ආණ්ඩුවට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වූයේ හොර පාරෙන් බදු අය කරන්නට ගත් නිසා බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අත්‍යවශ්‍ය විධිවිධාන අනුගමනය කර නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දී ඇත්තේ.

කෙහෙලිය රඹුක්වැල්ල හා බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔවුන් පැවසුවේ ජනාධිපතිතුමාවත් නොමග යවමින් පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කර ඇති බවයි.

(එම හඬපටය පහතින් අහන්න)