Sunday, May 19, 2024

General line - 0115112241

බංගලාදේශයේ ඳග පන්දු උපදේශක ධූරය රංගන හේරත්ට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යෑවීමට තීරණය කළා. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය වෙනුවට ඕෂධ ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන්  තරගයට කැඳවා තිබෙනවා. 

මේ අතර හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයැවීමේ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව රංගන හේරත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වනතෙක් එම ධූරයේ කටයුතු කරනු ඇති.