Tuesday, May 14, 2024

General line - 0115112241

"හාදුවක්" නිසා ඇමති තනතුරෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ඇමති




බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඒ කොවිඩ් වසංගත හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ දැඩි නීති පනවා තිබු පසුබිමක එම නීති උල්ලංඝණය කළ බවට පිළිගනිමින්.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ඇමතිවරයා සිය කාර්යාලයේ සේවිකාවක් සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ජායාරූපයක් පසුගියදා එරට පළවන "Sun" පුවත්පත විසින් පළ කර තිබුණා.

“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. 

කොවිඩ් වසංගතයේදී බොහෝසෙයින් කැපවීම් කළ පුද්ගලයින්ට අප ණයගැති. 
නමුත් ඔවුන් ගේ විශ්වාසය බිඳ වැටෙනවා එය පැනවූ මා විසින්ම නීති උල්ලංඝණය කිරීම නිසා" සිය ඉල්ලා අස්වීමට හේතුව සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඊයේ දිනයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට භාරදී තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුනේ එම ලිපිය ලැබීම ගැන තමන් කණගාටු වන බවයි. 

එමෙන්ම වසංගතයට එරෙහි සටනේදී ලද සහය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍යය අගමැතිවරයා විසින් මැට් හැන්කොක් වෙත සිය ස්තුතිය පළකර තිබෙන බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබුණේ.