Sunday, May 19, 2024

General line - 0115112241

ක්‍රිකට් පසුබෑමට දසතින් විරෝධය - මහානාම සහ මහින්ද දේශප්‍රියත් කනස්සල්ලෙන් (VIDEO)




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් පිළිබඳව මෙරට ක්‍රීඩා ලෝලින්ගේ දැඩි විරෝධයක් එල්ලfවිමින් තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස තරගාවලිය 3ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පාරාජයට පත් වුයේ දියාරු ක්‍රීඩා විලාශයක්  පෙන්නුම් කරමින්.

ගතවූ කාල සිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පසුබෑමකට ලක්වූ අතර නායකයින් පුහුණුකරුවන් වෙනස් කරමින් ක්‍රිකට් ගොඩ ගැනීමට අත්හදා බැලීම් සිදු කළද එයද මේ වන විට පුස්සක් වී තිබෙනවා. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද එල්ල වන්නේ දැඩි විරෝධයක්. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම පිළිබඳව කළකිරීමට පත්වු ක්‍රිකට් ලෝලීන් කිහිප දෙනෙක්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර තරග තීරක වරයෙකු වන රෝශාන් මහනාමද ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කළ ජයග්‍රහණය ලැබීමේ ආකල්පය වත්මන් ක්‍රීඩකයින්ගෙන් ප්‍රද්ර්ශණය නොවිම කණගාටුවට කරුණක් බවයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපත් මහින්ද දේශප්‍රියද ශ්‍රී ලංකා කණ්ඩායමේ පසූබෑම පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ “අතපය වලංගු නැති ළදරු ටීම් එක කවදාවත් ක්‍රිකට් එපා නොවන අපටත් ක්‍රිකට් එපා කෙරෙව්වා අද” යනුවෙන්.