Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නගරය ලෝක්ඩවුන් කරයි




කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නගරය ලොක් ඩවුන් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් අද පියවර ගෙන තිබෙනවා. ගතවූ දින කිහිපයේදී සිඩ්නි නගරයෙන් කොරොන් ආසාදිතයින් 80කට වැඩි පිරිසක් හදුනා ගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

සිඩ්නි නගරයේ ප්‍රදේශ කිහිපයක් සති දෙකකට කාලයක් ලොක් ඩවුන් කිරීමට ඉකුත් සතියේ පියවර ගෙන තිබුණා. කෙසේවෙතත් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ සමස්ථ සිඩ්නි නගරයම ලොක් ඩවුන් කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

ඕස්ට්‍රේලියාවෙන් අද දිනයේදී ආසාදිතයින් 39 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,495ක්. එරටින් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 910ක් පමණයි.