Monday, April 29, 2024

General line - 0115112241

බස්නාහිර ධාවනයට දුම්රිය හා බස් රථ වැඩි කෙරේ




සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් අද පෙරවරුවේ ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, ගාමිණී සෙනවිරත්න පැවසුවේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාවද අද සිට වැඩි කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයද පැවසුවේ අද සිට පළාත් තුළ ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව වැඩි කරන බවයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන - ඒ එච් පණ්ඩුක ස්වර්ණහංස.

බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇත්තේ ආසන ගණනට පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.