Monday, April 29, 2024

General line - 0115112241

ක්‍රිකට් පසුබෑමට ප්‍රධාන හේතුවක් ගැන ඩිල්ෂාන්ගෙන් හෙළිදරව්වක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ   ශ්‍රී ලංකාව සතුව දක්‍ෂ පුහුණුකරුවන් සිටින අතර වැඩි වශයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට විදෙස් පුහුණුකරුවන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තවත් එක් ප්‍රධාන හේතුවක් බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් සමග වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් තිලකරත්න ඩිල්ෂාන් මෙම අදහස් පළ කළ අතර හිටපු තුන්ඉරියව් ක්‍රීඩක තිළිණ තුෂාර මිරැන්ඩෝ ද මෙම සංවාදයට එක්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකරත්න ඩිල්ෂාන් කියාසිටියේ කණ්ඩායම තුළ වසර ගණනක් ක්‍රීඩා කළද දක්‍ෂතා දක්වා නොමැති නම් ඔවුන් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් ලෙස හැදින්විය නොහැකි බවයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. පළමු තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 3.30 ට ආරම්භ වන්නේ චෙස්ටර්ලී හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදීයි.