Monday, April 29, 2024

General line - 0115112241

විදේශ රටවල සිට පැමිණි ලාංකිකයින් වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනේ




දිවයිනට ඊයේ දිනයේ පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් සිය දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. විදෙස්ගතව සිටි පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හදුනා ගැනීම බරපතල තත්ත්වයක් බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,867 දෙනෙකු හදුනා ගැණුනා. එමෙන්ම ඉකුත් 26 වනදා සිදුවූ කොරෝනා මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.