Monday, April 29, 2024

General line - 0115112241

හෙරොයින් සහ මත්පෙති ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට




ත්‍රීරෝද රථයකින් හෙරොයින් සහ මත්පෙති ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අගුලාන, කල්දෙමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

එම කොට්ඨාශය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවාගෙන සිටින සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් සියයි මිලිග්‍රෑම් 700 ක් සහ මත්පෙති 40 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු වයස අවුරුදු 32 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.