Monday, April 29, 2024

General line - 0115112241

තවත් මියගිය කැස්බෑවෙකු හම්බන්තොට වෙරළට ගොඩගසයි




මියගිය තවත් කැස්බෑවකුගේ සිරුරක් හම්බන්තොට බෙල්ලෝගල ප්‍රදේශයට ගොඩගසා තිබෙනවා.

මුර සංචාරයේ යෙදී සිටි හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට මෙම මියගිය කැස්බෑ සිරුර හමුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

වටප්‍රමාණය සෙන්ටිමීටර් 175 ක් පමණ වන මෙම කැස්බෑවා සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී  කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම කැස්බෑවාගේ  සිරුරු කොටස් රස පරීක්ෂක  දෙපාර්තමේන්තුව වෙත යැවීමටද කටයුතු කරන බවයි හම්බන්තොට වනජීවි කාර්යාලය සදහන් කළේ.