Friday, May 17, 2024

General line - 0115112241

කුසල් ජනිත් මෙරට ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව ඉල්ලයි




ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට චෙස්ටර්ලිහිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ සූදානම පිළිබද වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නායක කුසල් ජනිත් පෙරේරාගෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමසීමක් කළා.

එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය පරාජයවීම සම්බන්ධයෙන් තමන් මෙරට ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයැද සිටින බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ශ්‍රි ලංකා තරග සංචාරයට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට ළගා වුණා.

දෙරට අතර පන්දුවාර විස්ස තරග 3 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.