Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ගැටුම අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරාගාවලියේ පළමු තරගය චෙස්ටර්ලීහිදී අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ එංගලන්ත කණ්ඩායම හමුවේ ලද 20 යි 20 තරගාවලි පරාජයෙන් අනතුරුවයි.

දිගින් දිගටම අසාර්ථක වන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියද අභියෝගක් බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. අද තරගයේදී චරිත් අසලංකට එක්දින වරම් හිමිවනු ඇති බවද වාර්තා වනවා. විනය කඩකිරීමක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා ඇති බැවින් ඔවුන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කළා.

බොහෝවිට අද තරගයේදී නායක කුසල් ජනිත් සමගින් පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. 
මේ, අද තරගය පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා.

පිතිකරුවන් සිය වගකීම් හදුනාගෙන මෙම තරගාවලියේදී ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය බවද කුසල් ජනිත් පෙරේරා වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ අද පස්වරු 3.30 ටයි.