Tuesday, May 7, 2024

General line - 0115112241

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රි ලංකා පිතිකරුවන් යලි අසාර්ථක වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය චෙස්ටර්ලීහිදි මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 3 කදී ලකුණු 185 කට දැවී ගියා.

නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 73 ක් රැස්කළ අතර වනිදු හසරංග කලුණු 54 ක් රැස් කළා. චාමික කරුනාරත්න නොදැවි ලකුණු 19 යි. ශ්‍රී ලංකා පිළේ සෙසු පිතිකරුවන්ට පිටියේ සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී ක්‍රිස් වෝකර්ස් ලකුණු 18 කට කඩුලු 04 ක් දවා ගත්තා. ඩේවිඩ් විලී ලකුණු 44 කට කඩුලු 03 යි.

මේ අතර එංගලන්ත තරග සංචාරය සදහා ගොස් සිටියදී ජෛව ආරක්ෂක බුබුල උල්ලංඝණය වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාව මත මෙරටට ආපසු හරවා එවූ කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය පස්වරු එකයි පහළොවට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එම ක්‍රීඩකයින් තිදෙනා දින 14 ක අනිවාර්ය නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීමට , ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දී තිබෙනවා.