Monday, May 6, 2024

General line - 0115112241

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට!




කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ මීටර් 100 ධාවන ඉසව්ව සදහායි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට මීටර් 100 ධාවන ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට මෙවර අවස්ථාව හිමිව ඇත්තේ වසර 25 කට පසුවයි.

මීට පෙර 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී චින්තක ද  සොයිසා මීටර් 100 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

මේ අතර නිලානි රත්නායක ද මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව සදහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.