Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණය අදත් අඩමානයක




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේවනවිට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. 

පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 03 ලකුණු 12 ක් තුළ බිඳ වැටුණේ පන්දුවාර 03 ක් තුළයි. 04 වන කඩුල්ල ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 21 ක් වනවිට බිඳ වැටුණා. ශ්‍රි ලංකා ඉනිමේ පළමු පන්දුවාර 10 තුළ එංගලන්ත වමත් පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයක්. ඒ අනුව පැතුම් නිස්සංක ලකුණු 15 කටත්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 0 කටත්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02 කටත්, චරිත් අසලංක ලකුණු 02 කටත් දැවී ගියා. 

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් ලබාදෙමින් ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග සාර්ථක සබඳතාවක් ගොඩ නැගුවා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 41 යි. වනිඳු හසරංග නොදැවී ලකුණු 11 ක් රැස්කර ගෙන සිටිනවා.

පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුළු 04 ක් දැවී ලකුණු 67 ක් රැස්කර ගෙන සිටිනවා.