Tuesday, May 7, 2024

General line - 0115112241

රටම බලා සිටින ක්‍රිකට් ජයග්‍රහණය තවත් ඈතට යයි




දිගින් දිගටම ලබන ක්‍රිකට් පරාජයන් අතරට තවත් පරාජයක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අලුයම සිදුවුණා. එය තවත් එක් පරාජයක් පමණක් නොව තරගාවලි පරාජයක් ද වනවා. ඒ, එංගලන්තය සමග පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුළු 08 කින් පරාජය වීමත් සමගයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 09 කය ලකුණු 241 ක් රැස් කළේ මෙතෙක් පැවැති පිතිකරුවන්ගේ ලකුණු ඌණතාවයට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින්. කණ්ඩායමේ බර කරට ගත් ධනංජය ද සිල්වා ලකුණු 91 ක්, දසුන් ශානක ලකුණු 47 ක් සහ වනිඳු හසරංග ලකුණු 26 කින් ඊට දායක වුණා. 

එංගලන්තය ලකුණු 244 ක් රැස්කරමින් තරගය ජය ගත්තේ පන්දුවාර 43 ක් තුළ කඩුළු 02 ක් පමණක් දැවී තිබියදීයි. නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු  75 ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 68 ක් රැස් කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිඳු ඉඩක් ලබා නොදුන් එංගලන්ත පිතිකරුවන් තරගය ආරම්භයේ සිට තරගයේ පාලනය තමන් අතට ගෙන ක්‍රීඩා කරනු දැකගත හැකිවුණා. පන්දු යැවීfමේදී චාමික කරුණාරත්න හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රි ලංකාවට සිදුවූයේ එංගලන්ත එක් දින තරගාවලියෙන් ද 2 - 0 ක් ලෙස පරාජයට පත්වීමටයි.