Tuesday, April 30, 2024

General line - 0115112241

අවමානයෙන් ගැලවෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අදත් අවස්ථාවක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බි්‍රස්ටල්හීදි අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම මේ වන විටත් මෙම තරගාවලිය 02ට බින්දුවක් ලෙස ජය ගෙන අවසන්. පරාජයන් රැල්ලකට හසුව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරාගවලි පරාජයකින් බේරීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි. එංගලන්ත කණ්ඩායම මෙම තරගය අද ජයගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මව් බිමේදී පූර්ණ එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්වනු ඇති.