Tuesday, April 30, 2024

General line - 0115112241

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි




විදෙස්ගතව සැගව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මිදිගම චින්තක” නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය තොග මෙරටට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රා පදවන්නෙකු රුපියල් ලක්ෂ 52ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේදියි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මෙම සැකකරු හරක් කටා නමැත්තා මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. මොහු විසින් පදවන ලද බහුදින යාත්‍රාව හරහා එම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙනවිත් ඇති බවද අනාවරණ වී ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.