Tuesday, April 30, 2024

General line - 0115112241

එංගලන්ත පාපන්දු පිළ යුරෝ කුසලානයට තවත් ලං වෙයි




යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද අළුයම සමත් වුණා. ඒ, අර්ධ අවසන් පූර්ව තරගයේදී යුක්‍රේනය ගෝල 04ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. පළමු අර්ධය නිමා වන විට ගෝල 01ට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තේ එංගලන්තයයි.

දෙවන අර්ධයේදී තවත් ගෝල තුනක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තය වෙනුවෙන් නායක හැරී කේන් මෙහිදී ගෝල 02ක් වාර්තා කළ අතර එංගලන්ත පාපන්දු කණ්ඩායම යුරෝ පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ වසර 25කට පසුවයි. 

මේ අතර යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය ඩෙන්මාර්කය සහ චෙක් ජනරජය අතර ඊයේ පැවැත්වුණා. එහිදී ගෝල 02කට 01 ලෙස චෙක් ජනරජය පරාජය කළ ඩෙන්මාර්කය යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉතාලිය සහ ස්පාඤ්ඤය අතර ලබන අගහරුවාදා පැවැත්විමට නියමිතයි. දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර ලබන බඳදා පැවැත්වෙනවා.