Saturday, September 21, 2024

General line - 0115112241

තුන්වෙනි තැන දිනුවත් මැතිව්ට ඊළඟ වටය අහිමි වෙයි




රියෝ ඔලිම්පික් 2016 ක‍්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක් තබා සිටි ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහට අද (09) මූලික වටයේ තරගයකින් තුන්වෙනි ස්ථානය දිනාගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා වූයේ නැහැ.ඊට හේතුව වූයේ මෙම ඉසව්වේ ශ්‍රේනි ගතකිරීම්හි ඔහුට 50 ස්ථානය හිමවී තිබීමයි

මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව වෙනුවෙන් ඔහු තරග වැදුනා.

මැතිව් එම ඉසව්වේ 3 ස්ථානය දිනාගත්තේ තප්පර 50.96 දක්ෂතාවක් වාර්තා කරමින්.

මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයින් 59 දෙනෙකු තරඟ වැදුණා.

මැතිව් අබේසිංහ ඉකුත්දා හොංකොංහි පැවති පිහිනුම් තරගාවලියේදී තත්පර 50.53ක දක්ෂාතාවක් වාර්තා කරමින් ඔලිම්පික් වරම් දිනා ගත්තේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද සමගින්.

මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී එම දක්ෂතාවට ළගා වීමට හෝ මැතිව් අබේසිංහට හැකියාව ලැබුණේ නැහැ.

praneeth_00010 praneeth_00001 praneeth_00002 praneeth_00003 praneeth_00004 praneeth_00005 praneeth_00006 praneeth_00007 praneeth_00008 praneeth_00009

ඡායාරූප – ප්‍රසන්න අධිකාරී