Sunday, May 5, 2024

General line - 0115112241

යුරෝ කුසලාන පාපන්දු තරගවලියේ අවසන් තරගය අද මැදියම් රැයේ




පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේදී එංලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ ඉතාලිය අතරයි.

මෙම තරගය මෙරට වේලාවෙන් අළුයම 12යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර යුරෝ පාපන්දු ශූරයින්ට හිමිවන මුදල් ත්‍යාගය යුරෝ මිලියන 10ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 600 අධිකයි.

අද තරගය නැරඹීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පාපන්දු ලෝලීන් 60,000කට පමණ අවස්ථාව ලබා දීමට තරග සංවිධායකින් පියවර ගෙන තිබෙනවා. යුරෝ කුසලාන අවසන් මහා තරගයේ සූදානම පිළිබඳ තොරතුරු නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.