Sunday, May 5, 2024

General line - 0115112241

කුසල් ජනිත්ගේ ආබාධය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ගැටලුවක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 06 ක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන්. කුසල් ජනිත් පෙරේරා උරහිසේ ආබාධයකින් පෙළෙන බවයි නෙත් නිවුස් ඊයේ උදෑසන ආරම්භ කළේ. කෙසේවෙතත්, ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් වී නැහැ. 

කුසල් ජනිත් පෙරේරා, ඉකුත් එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ද එළඹෙන ඉන්දීය තරගාවලියේදී ඔහු නායකත්වයෙන් ඉවත් කෙරුණා.

ඒ වෙනුවට පත් කෙරුණේ දසුන් ශානකයි. කුසල් ජනිත් පෙරේරා යනු මේවනවිට ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් බහුලම ක්‍රිඩකයා වන අතර ආරම්භක පිතිකරු භූමිකාවේ ප්‍රධෘන චරිතයක්. නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ද විනය කඩකිරිමේ චෝදනාව මත නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවෙකු සොයා ගැනීමට ගැටළුවක්වී තිබෙනවා. මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඉන්දීය - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට දින 02ක් පමණක් ඉතිරිව තිබියදීයි. මේ දක්වා ශ්‍රී ලංකා සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.