Monday, May 6, 2024

General line - 0115112241

විස්සයි 20 ලෝක කුසලානයට යන්නත් ශ්‍රී ලංකාවට අභියෝගයක්




එළඹෙන 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 ට තේරී පත්විමට ශ්‍රී ලංකාව පරාජය කළ යුතු කණ්ඩායම් අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ, තරගාවලියට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව ද අයත් වන්නේ සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් ලැයිස්තුවටයි. ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් මූලික වටයේදී කාණ්ඩ 02 ක් යටතේ තරග වැදිය යුතුයි. එක් කාණ්ඩයක පළමු ස්ථාන 02 ට පත්වන කණ්ඩාම් පමණක් ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති. 

ඒ අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ A කාණ්ඩයටයි. අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව එම කාණ්ඩයට අයත් සෙසු රටවල්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ගෙන ඇත්තේ ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටින කණ්ඩායම් 08 තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අතරට ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද අයත්. තරගාවලිය ඔක්තෝම්බර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඕමානයේදී පැවැත්වීමට නියමිතයි.