Sunday, May 5, 2024

General line - 0115112241

බුරුතු පිටින් නිලධාරීන් ඔලිම්පික් යාම නවතී




මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩකයින් සමග යාමට ක්‍රීඩා අමාත්‍යාංශය අවස්ථාව ලබාදෙන්නේ සීමිත පිරිසකට පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ තමන් වෙත මීට පෙර ඉදිරිපත් කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන පිරිස ඇතුළත් නාමලේඛණයද සංශෝධනය කළ බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ  නුවරදී පැවැත්වීමට නියමිතයි. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 46 යි දශම 2 ක මුදලක් වැය කරන බවයි ක්‍රිඩා අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර සියළු ක්‍රීඩා ඉහළ නැංවීම සදහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නවක ක්‍රීඩකයින් හදුනා ගැනීමේ වැඩපිළිවෙලක්ද ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සදහන් කළේ.