Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි එක්දින සහ විස්සයි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා. ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ ධනංජය ද සිල්වායි.

කෙසේ වෙතත්, ආබාධ හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත්ව ඇති කුසල් ජනිත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩා නොකරන අතර, බිනුර ප්‍රනාන්දු එක්දින තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා නොකරනු ඇති.

භානුක රාජපක්ෂ යළි මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. පන්දුවාර විස්ස තරග 3 ජූලි  25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.